පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
06

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

සියලුම තරාතිරම්වල පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවෙක නැවත් දැනුම් දෙනතුරු අවලංගු කළ බව පොලිස්පති නිල කාර්යාලය නිවේදනය කරයි.

පොලිස්පතිවරයාගේ නියෝග පරිදි සියලූම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු හා දින විවේක එලෙස අවලංගු කර තිබේ.

කොරෝනා රෝග ව්‍යප්තිය වැළැක්වීම සඳහා රජය ගෙනයනු ලබන වැඩපිළිවෙළ සඳහා පොලීසියේ සෘජු දායකත්වය ලබාදීම සඳහා අවශ්‍ය මානව සම්පත් සූදානම් කිරීම පිණිස එම තීරණය ගෙන ඇති බව පොලිස්පති නිල කාර්යාලය සඳහන් කරයි.

ඉතා අත්‍යාවශ්‍ය අවස්ථාවක දී ස්ථානාධිපතිවරුන්ගේ සහ රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ නිවාඩු පොලිස්පති විසින් අනුමත කරනු ලබන අතර, සෙසු නිලධාරීන් හට නිවාඩු අනුමත කිරීම අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් තම අභිමතය පරිදි සිදුකළ හැකිය.

 

views

734 Views

Comments

arrow-up