සජිත් රනිල් හංසයාගෙන් පාර්ලිමේන්තු මැතිවරණයට

එක්සත් ජාතික පාක්‍ෂිකයන් වෙනුවෙන් ඉදිරියේදී නව ආණ්ඩුවක් බිහිකිරීම සදහා සියළුදෙනා එක්ව කටයුතු කළයුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කාවින්ද ජයවර්ධන පවසනවා.
ලබන සඳුදා පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්‍ෂය තුළ පවතින ගැටළුවලට විසදුම් ලබාගැනීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි මන්තී‍්‍රවරයා පැවසුවේ.
මේ අතර එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ සන්ධානය වන සමගි ජනබලවේගයේ සියළු කටයුතු සතියක් තුළ නිමකිරීමට හැකිවනු ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර තුෂාර ඉදුනිල් පැවසුවා.
මේ අතර එළඹෙන මහ මැතිවරණයට තරග කිරීම සදහා විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සභාපතිත්වය දරණ සමගි ජනබලවේගයේ ලකුණ ලෙස හංසයා පිළිගන්නැයි එම සන්ධානය ඊයේ මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් ද කළා
824 Views
Comments