එජාපය කුමන තීරණය ගත්තත් ජනාධිපතිට මම සහාය දෙනවා – දයා ගමගේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
08

එජාපය කුමන තීරණය ගත්තත් ජනාධිපතිට මම සහාය දෙනවා – දයා ගමගේ

එජාපය කුමන තීරණය ගත්තත් ජනාධිපතිට මම සහාය දෙනවා  – දයා ගමගේ

රට ගොඩනැගීම සඳහා සියළුම ආනන්දීයයන්ට එකතුවන ලෙස   ජනපතිවරයා ඇරයුම් කළ බවත් තමන්ද ආනන්දීයයෙකු වශයෙන් ජනාධිපතිවරයා කළ ඇරයුම පිළිගන්නා බවත් මන්ත්‍රීවරයා මෙහිදි ප්‍රකාශ කරන කලා .

 


පක්ෂය කුමන තීරණ ගත්තද, අද වන විට රට මුහුණ දී ඇති තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා තමන් ජනාධිපතිවරයාට සහය දක්වන බව සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ(07) පැවති මාධ්‍ය හමුවකට එක් වූ දයා ගමගේ මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ලදි. පක්ෂ අතර දේශපාලන තීන්දු තීරණ කුමක් වුවත් රට වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගවලට සහය දක්වන බවද එතුමා පැවසීය.

 

 

ඒ අනුව රට ඉදිරියට ගෙන යාමට ජනාධිපතිවරයාට සහය දක්වන බවත් කිසිදු අවස්ථාවකදි ජනාධිපතිවරයාට විරුද්ධව කටයුතු කිරීමට අවශ්‍ය නොවන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ කටයුතු කළාට වඩා පහසුවෙන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ කටයුතු කළ හැකි බවද මන්ත්‍රීවරයා පැවසීය.

views

1430 Views

Comments

arrow-up