නව සන්ධාන මහලේකම්ට කෘත්‍යාධීකාරි මණ්ඩල අනුමැතිය ඕන නෑ
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
08

නව සන්ධාන මහලේකම්ට කෘත්‍යාධීකාරි මණ්ඩල අනුමැතිය ඕන නෑ

නව සන්ධාන මහලේකම්ට කෘත්‍යාධීකාරි මණ්ඩල අනුමැතිය ඕන නෑ

ගොඩ නගන නව සන්ධානයේ මහලේකම්වරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත්කිරීමට එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම එකඟ වූ පසු එය කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

 


පක්‍ෂ නායකත්වය ගැන තීරණයක් ගැනීම කල්දමමින් සිටින එක්සත් පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරියේ දී ගොඩනගන නව සන්ධානයේ කටයුතු සඳහා ද බාධා කරමින් සිටින බව මන්ත‍්‍රීවරයා කීවේය.

 


‘මලඉලව් කෘත්‍යාධිකාරී මණ්ඩලයක් නිසා පක්‍ෂය වෙනුවෙන් නිවැරදි තීන්දුවක් ගැනීමට නොහැකි වී තිබෙනවා’ යැයි ද සරත් ෆොන්සේකා මහතා ප‍්‍රකාශ කළේය.
තමන්ට එම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය අහිමි වූයේ පක්‍ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට දිය යුතු බව ප‍්‍රකාශ කළ නිසා බව කී සරත් ෆොන්සේකා මහතා තමන් එම තීරණය අනුමත නොකරන නමුත් එය ඉල්ලාගෙන පස්සෙන් නොයන බව ද සඳහන් කළේය.

 


සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ කොළඹ, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී අද (7) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

 

views

603 Views

Comments

arrow-up