පාඨලී අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් - ලාල්කාන්ත

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත පවසනවා. ඔහු ඒ බව ප්‍රකාශ කළේ ඊයේ (22) මහනුවරදී පැවති හමුවකදී අදහස් දක්වමින්.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සම්බන්ධ රාජගිරියේ සිදුවූ රිය අනතුරේදී තුවාල ලැබූ සන්දීප් සම්පත් තරුණයාට එරෙහිව ද පොලිස් මූලස්ථානයට් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. ඒ, ජාතික හෙළ උරුමයේ කඩුවෙල නාගරික මන්ත්‍රී බෝසෙත් කළහේපතිරණ විසින්.
සාමාන්‍ය මාර්ගයක ධාවනය කිරීමට අවසර නොමැති යතුරු පැදියක් ධාවනය කිරීම හා රාජ්‍ය දේපළ වලට හානි සිදුකිරීම ඇතුළු චෝදනා කිහිපයක් මුල් කරගනිමින් මෙම පැමිණිල්ල ගොනු කර තිබූ අතර අදාළ සිද්ධිය පාදක කරගනිමින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක හෙට (24) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මේ අතර අදාළ රියඅනතුරට සම්බන්ධව සිදුකෙරෙන වැඩිදුර විමර්ශනවලදී රජයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයාට චෝදනාවක් එල්ල වී තිබෙනවා.
706 Views
Comments