2/3 ලැබුණොත් 19 අහෝසි කරනවා - ජනාධිපති
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
02

2/3 ලැබුණොත් 19 අහෝසි කරනවා - ජනාධිපති

2/3 ලැබුණොත් 19 අහෝසි කරනවා - ජනාධිපති

19 වන ව්‍යවස්ථා සංශෝධනය අසාර්ථක වු බැවින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලැබුණහොත් එය ව්‍යවස්ථාවෙන් ඉවත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

 


ඉන්දීය රාජ්‍ය සංචාරය අතරතුර "ද හින්දු" පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

 


ද හින්දු පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේදී එම මාධ්‍යෙව්දීනිය 'ත්‍රස්තවාදය සම්බන්ධයෙන් කුමන ආකාරයේ සහයෝගීතාවක් ඉන්දියාවෙන් බලාපොරොත්තු වෙන්නේදැයි' ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසා සිටියේය.
ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ පසුගිය ආණ්ඩුව ආරක්ෂාව සහ බුද්ධි තොරතුරු වලට වැඩි ප්‍රමුඛත්වයක් නොදුන්නද තම ආණ්ඩුව ඒ තත්ත්වය වෙනස් කර ඇති බවයි.

 


එල්ටීටීඊය මෙන් නොව අයි.එස්. යනු ලොව පුරා ව්‍යාප්තව සිටින ත්‍රස්තවාදීන් විසින් ඇතිකර තිබෙන ගෝලීය තර්ජනයක් බවත් මෙම තර්ජනය පිළිබඳව ශ්‍රී ලංකාවට වඩා වැඩි තොරතුරු ඉන්දියාවට හා වෙනත් රටවලට ඇති බවත් ඔහු පෙන්වා දී ඇත.

 

 


එහිදී හින්දු මාධ්‍යෙව්දිනිය විමසා සිටියේ බලය බෙදා හැරීම පිළිබඳ සාකච්ඡා කිරීමට හෝ දෙමළ බහුතර ප්‍රදේශවල අයිතිවාසිකම් පිළිබඳ 13 වන සංශෝධනයට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පොරොන්දු වෙන්නේද යන්නයි.

 


13 වන ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් වන අතර තමන්ට ක්‍රියාත්මක කළ නොහැකි පොලිස් බලතල වැනි ඇතැම් ක්ෂේත්‍ර හැර එය ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා වන විකල්ප සාකච්ඡා කිරීමට තමා කැමති බවත් ජනාධිපතිවරයා ඊට පිළිතුරු දෙමින් සඳහන් කර ඇත.

 


19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තු ක්‍රමයක් වෙත වඩාත් බලය පැවරීමක් සිදුවේද යන්න මෙහිදී මාධ්‍යවේදිනිය ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේය.

 


ඊට පිළිතුරු දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ 2015 දී සම්මත කරන ලද 19 වන ව්‍යවස්ථා සංශෝධනය අසාර්ථක එකක් වන බැවින් තමන්ට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලැබුණහොත් අපි එය ව්‍යවස්ථාවෙන් ඉවත් කරන බවයි.

 

views

1044 Views

Comments

arrow-up