මහපොළ භාරකාර අරමුදලේ මුදල් අයථා පරිහරණය සම්බන්ධයෙන් විමර්ශනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
07

මහපොළ භාරකාර අරමුදලේ මුදල් අයථා පරිහරණය සම්බන්ධයෙන් විමර්ශනයක්

මහපොළ භාරකාර අරමුදලේ මුදල්  අයථා පරිහරණය සම්බන්ධයෙන් විමර්ශනයක්

පසුගිය රජය සමයේ සිදුව ඇති මහපොළ භාරකාර අරමුදලේ මුදල් රුපියල් බිලියනයකට වැඩි ප්‍රමාණයක් අයථා පරිහරණය සම්බන්ධයෙන් සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (07) පැවසීය.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයක, අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.

 

ඒ සම්බන්ධයෙන් අපක්ෂපාති විමර්ශනයක් සිදු කෙරෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

 

ප්‍රමාදයකින් තොරව මහපොළ ශිෂ්‍යත්ව ලබාදීමට කටයුතු කරන බවත්, හිඟ වාරික සියල්ලම ගෙවා අවසන් බවත් හෙතෙම පැවසීය.

 

 

 

views

577 Views

Comments

arrow-up