දිගන යළි යළිත් සෙළවෙයි

මහනුවර - දිගන - අඹකොටේ ප්‍රදේශයේ සුළු භූ චලනයක් සිදුව තිබෙනවා.
ඊයේ රාත්‍රි 8.45ට මෙම භූ චලනය සිදුව ඇති බවයි ප්‍රදේශවාසීන් කියා සිටියේ.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල ප්‍රකාශ කලේ ඊයේ රාත්‍රියේ දිගන ප්‍රදේශයට බලපා ඇති සුළු භූ කම්පන තත්වය රික්ටර් මාපක 2ට වඩා අඩු අගයක් ගන්නා බවයි.
එය පල්ලෙකැලේ භූ කම්පන මානයේ සටහන් වී ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.
මේ අතර පසු ගිය මාස දෙකක පමණ කාලයක් තුල මහනුවර ප්‍රදේශයේ ඇතැම් ප්‍රදේශවල ඇතිවූ භූ කම්පන සම්බන්ධයෙන් විමර්ශන සදහා පත්කළ කමිටුව මේ පිලිබදව වැඩි දුර පරීක්ෂණ සිදු කරන බව ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල වැඩි දුරටත් ප්‍රකාශ කළා.
682 Views
Comments