තවත් 558 කට සුවයි - සුවය ලැබූවන් 17,560 දක්වා ඉහළට

මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 558 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 17 560 දක්වා ඉහළ යනු ඇති. දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 5808 ක්.
ගතවූ පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් ආසාධිතයන් 496 දෙනෙකු වාර්තා වුණා.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 23 දහස් 484 ක්.
මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඞ් පොකුර පවතින්නේ 19 දහස් 946 ක් ලෙසයි.
මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 545 ක්.
ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඞ් මරණ 116 ක් වාර්තා වී තිබෙනවා.
665 Views
Comments