ඇමෙරිකා තීරණය ගැන තානාපතිනියගේ මූණටම රජය විරෝධය පළ කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
16

ඇමෙරිකා තීරණය ගැන තානාපතිනියගේ මූණටම රජය විරෝධය පළ කරයි

ඇමෙරිකා තීරණය ගැන තානාපතිනියගේ මූණටම රජය විරෝධය පළ කරයි

යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ඇමෙරිකාවට ඇතුළු වීම තහනම් කිරීමට ගත් තීරණය ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර සබදතා අනවශ්‍ය ලෙස සංකීර්ණත්වට පත් කිරීමට බලපාන බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය අවධාරණය කරන්නේ.

 

ප්‍රජාතාන්ත්‍රික ලෙස බලයට පත් වූ ජනාධිපතිවරයකු විසින් මෙවැනි තනතුරකට පත් කරනු ලැබූ නිලධාරියකු සම්බන්ධයෙන් විදේශ රාජ්‍යයක් අයුතු  ලෙස තීරණ ගැනීම කණගාටුවට කරුණක් බවයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරන්නේ.

 

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුලේ පවුලේ සාමාජිකයන්ට තම රටට ඇතුළු වීම තහනම් කිරීමේ තීරණයක් ගෙන ඇති බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

 

ශ්‍රී ලංකා යුද හමුදාව මෙතෙක් බිහිකළ ලාබාලතම හමුදාපති අණදෙන නිලධාරියා ශවේන්ද්‍ර සිල්වා මහතා වන අතර 1995 වසරේදී යාපනය අර්ධද්වීපය එල්ටීටීඊ ත්‍රස්ත ග්‍රහණයෙන් මුදාගැනීමට ක්‍රියාත්ම කෙරුණු රිවිරැස මෙහෙයුමේ පාබල බලඇණියට අණ දුන්නේ ඒ මහතායි.

 

ත්‍රස්තවාදින් පරාජය කිරීමේ විජයග්‍රාහී මානුෂික මෙහෙයුමේදී 58 වන සේනාංකයට සහ කමාන්ඩෝ බලසේනාවට අණදෙමින්  එම සටනේ ජයග්‍රහණ රැසක් මවුබිම වෙනුවෙන් අත්කර දීමට   ශවේන්ද්‍ර සිල්වා මහතාට හැකිවුණා. මව්බිම  වෙනුවෙන් අභීය මෙහෙයක් ඉටුකළ යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා වෙනුවෙන් ඇමෙරිකාව ගෙන ඇති තීරණයට ශ්‍රී ලංකා රජයද දැඩි විරෝධය පල කළා.

 

ඇමෙරිකාවේ මෙම  ක්‍රියාමාර්ගය පිලිබඳ කරුණු විමසීමට ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අද විදේශ කටයුතු අමාත්‍යාංශයට කැදවා තිබුණා. විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී සදහන් කළේ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුධ හමුදාපති ධුරයට පත් කළේ ජ්‍යෙෂ්ඨත්වය මත මෙන්ම ඔහුට එරෙහිව ඔප්පුකරන ලද කිසිදු චෝදනාවක් නොතිබීම යන පදනම යටතේ බවයි.

 

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය සදහා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඔහු පත් කළේ මේ වන විට හමුදා සේවයේ සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරියා ශවේන්ද්‍ර සිල්වා මහතා වන බැවින්. ඇමෙරිකාව මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ ස්වාධීනව තහවුරු කළ තොරතුරු මත නොව 2015 වසරේ සම්පාදනය කළ ඕඅයිඑස්එල් වාර්තාවට  අනුවයි. එහි දැක්වෙන තොරතුරුවල නිරවද්‍යතාව සළකා බලන ලෙසද අමාත්‍යවරයා ඉල්ලීමක් කළා.

 

2015 වසරේ එළිදක්වන ලද වාර්තාව මානවහිමිකම් පිලිබද විමර්ශනයක් විනා අපරාධ වැරදි සම්බන්ධ විමර්ශනයක් නොවන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.එමවාර්තාවේ දැක්වෙන තොරතුරු අපරාධ වගකීම් සම්බන්ධයෙන් බැදීමකට නතුකළ නොහැකි බවද දිනේෂ ගුණවර්ධන මහතා අවධාරණය කළා. අපරාධ වරදක් සම්බන්ධ තීන්දුවක් ලබාදිය හැක්කේ අධිකරණයට පමණක් බවයි ඒ මහතා කියා සිටියේ.

 

ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය ඇමෙරිකා  රජය වෙත දැන්වීමට තමන් කටයුතු කරන බව ටෙප්ලිට්ස් මහත්මිය මෙහිදී කියා සිටියා. ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අඛණ්ඩව ක්‍රියා කරන බවයි ඇය දැනුම් දුන්නේ.

views

995 Views

Comments

arrow-up