යහපාලන සමයේදී බදියුදීන් සිදුකළ දූෂණ රැසක් ගැන හෙළිදරව්වක්

යහපාලන රජය සමයේදී රිෂාඩ් බදියුදීන් සිදු කළ දූෂණ රැසක් සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා අද විශේෂ හෙළිදරව්වක් කළා.
නීතිවිරෝධී ලෙස ඉඩම් ලබාදීම ඇතුළු වංචා රැසක් පිලිබද තොරතුරු මෙහිදී හෙළි කෙරුණා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීයී අමාත්‍යවරයා මෙම හෙලි කිරීම සිදු කළේ.
රහස් පොලිසියට ලැබුණු තොරතුරු මත කිසියම් පුද්ගලයකුගේ නිවස පරීක්ෂා කිරීමේදී ලිපිගොනුව රාශියක් රහස් පොලිසිය භාරයට අරගෙන තිබෙන බව අමාත්‍ය වරයා සදහන් කළා.
" ඒ ලිපිගොනු අතර රිෂාඩ් බදුරුදීන් අමාත්‍යවරයා විවිධ පුද්ගලයින්ගේ නම් බණ නම්වලින් ඉඩම් වලට අදාල ලබාගත් ඉඩම් වලට අදාල ඔප්පු කොපි 227 ලැබී තිබෙනවා.
සතොස ආයතනය හරහා පසුගිය ආණ්ඩුව සමයේ කෙරුණු ගණුදෙනු වලට අදාල හොරකම් වලට අදාළ ලිපි ලේඛන රාශියක් රහස් පොලිසිය සතුව තිබෙනවා.
මෙය පමණක් පරීක්ෂා ප්‍රමාණවත් නෑ. වැඩබලන පොලිස්පති තුමාගෙන් සහ රහස් පොලිසියෙන් ඉල්ලීමක් කරනවා දින 52 ආණ්ඩුව පැවති කාලය තුළ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ගේ ඇමරිකාවේ තිබුණු ගිණුමකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ ගියාද නැද්ද සොයන්න.
දෙවන ඇමෙරිකානු ඩොලර් ලක්ෂය සීඅයිඩී එකේ පරීක්ෂණ හමුවේ ඔවුන් නතර තිබුණා."
කවුරු කුමක් වෙනුවෙන් ලබාදුන් මුදලක් ද යන්න සොයා බැලිය යුතු බව විමල් වීරවංශ මහතා සඳහන් කරනවා.
මෙම ලිපි සියල්ල පරීක්ෂා කර බැලූ විට රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා නීති විරෝධීව උපයන ලද මහා ධනස්කන්ධයේ කුඩා කොටසක් නිරාවරණය කර ගැනීමේ හැකියාව තිබෙන බවයි විමල් වීරවංශ අමාත්‍යවරයා කියා සිටියේ.
1116 Views
Comments