සංවර්ධන නිලධාරීන් අද ලෙඩ වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
04

සංවර්ධන නිලධාරීන් අද ලෙඩ වෙයි

සංවර්ධන නිලධාරීන් අද ලෙඩ වෙයි

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වෘත්තිය සමිති 17 ක සමාජිකයින් අද (04) ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව සදහන් කරනවා.

 

ඔවුන් පවසන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු 16,000 කට ආසන්න සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තිය ගැටළුවලට ආණ්ඩුව මෙතෙක් විසඳුම් ලබාදී නොමැති බවයි.

 

මේ හේතුවෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය, ආයුර්වේද, සැලසුම් කළමනාකරණය, මිනින්දෝරු, අධ්‍යාපන පරිපාලන, දේශීය ආදායම්, කෘෂිකර්ම සේවයේ කටයුතු, විද්‍යාත්මක සේවාවන්, ඉන්ජිනේරු සේවාවන් ඇතුළු සේවා රැසක කටයුතුවලට බලපෑම් එල්ල වන බව ද සංවර්ධන නිලධාරී සේවා සංගමයේ කැඳවුම්කරු චන්දන සූරියආරච්චි කියා සිටියා.

 

අවස්ථා ගණනාවකදී සිය ඉල්ලීම් පිළිබඳ කරුණු වාර්තා කළ ද මෙතෙක් නිසි විසඳුම් ලැබී නොමැති බව ඒ මහතා පවසනවා.

 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි කියා සිටියේ ගැටලු පිළිබඳ කිසිදු වෘත්තිය සමිතියක් මෙතෙක් සාකච්ඡා කර නොමැති බවත් , ඕනෑම මොහොතක සාකච්ඡා සඳහා අවස්ථාව ලබාදීමට සූදානම් බවත්ය.

views

586 Views

Comments

arrow-up