කොරෝනා වෛරසයට මුහුණ දෙන්න රට පුරා රෝහල් 12ක් සූදානම් කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
28

කොරෝනා වෛරසයට මුහුණ දෙන්න රට පුරා රෝහල් 12ක් සූදානම් කරයි

කොරෝනා වෛරසයට මුහුණ දෙන්න රට පුරා රෝහල් 12ක් සූදානම් කරයි

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු ලබාගැනීම සඳහා විශේෂ දුරකථන අංක දෙකක් විවෘතව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළා.

 

මේ අනුව 0710107107 දුරකථන අංකය ඔස්සේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයෙන් හෝ 0113071073 ඔස්සේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් තොරතුරු ලබාගත හැකි බවද පවසා සිටියා.

 

කොරෝනා වෛරසය ශරීරගතවීම පිලිබඳව වාර්තා වුවහොත් ඊට මුහුණදීම සඳහා කොළඹ ජාතික උණ රෝහලට අමතරව උතුරු කොළඹ ශික්ෂණ රෝහ, ගම්පහ රෝහල, මීගමුව රෝහග, නුවර ජාතික රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, යාපනය ශික්ෂණ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල, රත්නපුර පළාත් රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල, බදුල්ල පළාත් රෝහල සූදානම් කර තිබෙන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා  කියා සිටියා.

views

654 Views

Comments

arrow-up