බන්ධනාගාරයෙන් පැන යාමට උත්සාහ කළ සැකකරුවෙකුට වෙඩි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
17

බන්ධනාගාරයෙන් පැන යාමට උත්සාහ කළ සැකකරුවෙකුට වෙඩි

බන්ධනාගාරයෙන් පැන යාමට උත්සාහ කළ සැකකරුවෙකුට වෙඩි

හෝමාගම අධිකරණ පරිශ්‍රයේදී බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී පලායාමට උත්සාහ කළ සැකකරුවෙකුට බන්ධනාගාර නිලධාරීන් වෙඩි තබා තිබෙනවා.

 

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ජේ.ඩබ්ලිව්. තෙන්නකෝන් මහතා පැවසුවේ අදාළ සැකකරු අධිකරණ පරිශ්‍රයේදී බන්ධනාගාර බස් රථයෙන් බැස නිලධාරින්ගෙන් මිදී පලා ගොස් ඇති බවයි.

 

එහිදී බන්ධනාගාර නිලධාරින්, සැකකරු ලුහු බැඳ ගොස් පාදයටයි වෙඩි තබා ඇත්තේ.තුවාල ලැබූ සැකකරු ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ, හෝමාගම රෝහලටයි.

 

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ, අදාළ සැකකරු වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින , ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවී සිටින අයෙකු බවයි.ඒ , මත්ද්‍රව්‍ය චෝදනාවලට වරදකරුවීම හේතුවෙනි.

 

එම සැකකරු අද අධිකරණයට රැගෙන ආවේ කොල්ලකෑම් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට ඉදිරිපත් කිරීමටයි.

views

748 Views

Comments

arrow-up