රාජසභා මණ්ඩපය ඩෝසර් කලේ අට පාස් එකෙක් - දයාසිරි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
20

රාජසභා මණ්ඩපය ඩෝසර් කලේ අට පාස් එකෙක් - දයාසිරි

රාජසභා මණ්ඩපය ඩෝසර් කලේ අට පාස් එකෙක් -  දයාසිරි

කුරුණෑගල නගරයේ පිහිටි ඓතිහාසික බුවනෙකබාහු රාජසභා මණ්ඩපය කඩා දමා ඇත්තේ ඉගෙන ගත්තු අයෙකු නොව 8 පාස් රස්තියාදුකාරයෙක් බව හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක දයාසිරි ජයසේකර මහතා පවසයි.

 

අට පාස් අය ඉහළ පුටුවලට ගියානම් සිදුවන දේ මෙය බවද ඔහු සඳහන් කළේය.

 

පෘතුගීසි ලන්දේසි හෝ ඉංග්‍රීසි පවා විනාශ නොකළ මෙම රාජ සභා මණ්ඩපය කුරුණෑගල නගරාධිපති විසින් ඩෝසර කර වනසා දැමූ බවද ඔහු පැවසීය.

 

මේ විනාස කරන්නේ අපේ උරුමය බවත් මේවා දකින විට පපුව පත්තු වන බවත් ඔහු කුරුණාගල ජනහමුවක් අමතමින් කියා සිටියේය.

 

මේ සම්බන්ධයෙන් කමිටු පත්කර වැඩක් නැති බවත් වරද කරුවන් අල්ලා හිරේ දැමිය යුතු බවත් ඔහු කීය.

 

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත් කර මෙවන් දේ බලාපොරොත්තු නොවූ බවත් ජනාධිපති තුමන් ඉදිරියේදී මේ ගැන නිවැරදි තීන්දුව ගනු ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

 

views

721 Views

Comments

arrow-up