දිනේෂ් ගුණවර්ධන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සිංහනාදය පතුරුවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
26

දිනේෂ් ගුණවර්ධන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සිංහනාදය පතුරුවයි

දිනේෂ් ගුණවර්ධන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සිංහනාදය පතුරුවයි

විදේශ සබඳතා,නිපුනතා සංවර්ධන ,රැකීරක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍යය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා අද ජිනීවා නුවර එක්සත් එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ පැවති මානව හිමිකම් කවුන්සිලයේ 7වන සමුළුවේ 43 වන ස්ථාවර සභාවාරය අමතමින් සිය වාග් කෞෂල්‍යය මෙන්ම ජාතිමාමකත්වය මොනවට ප්‍රදර්ශනය කරමින් වාදාභිසිංහයෙකුගේ භූමිකාව මෙන්ම සෑබෑ ලාංකීය දේශප්‍රේමියා කවුදැයි යන්න ලෝකයට ප්‍රදර්ශනය කරන අතිශය වැදගත් දේශනයක් ඉදිරිපත් කළ බව ජිනීවා නුවර ආරංචි මාර්ග පවසයි.

 

පසුගිය රජය කරනු ලැබූ ලාංකේය රණවිරුවා පාවාදීමේ සැලසුම් සියල්ල ආපසු හැරවීමට සමත් ප්‍රවේශයක් ශ්‍රී ලංකා රජයට ගත හැකි බව ජගත් මානව හිමිකම් කවුන්සිල වේදිකාව මතදීම තහවුරු කිරීමට දිනේෂ් ගුණවර්ධන අමාත්‍යයවරයා සමත් වූ බව ජිනිවා මානව හිමිකම් සමුළුවට සහභාගි වී සිටින ශ්‍රී ලංකාවට හිතැති විදේශිකයන් පවසන බවද අප වෙත වාර්තා වේ.

 

අමාත්‍යයවරයාගේ මැදිහත්වීම සම්බන්ධයෙන් අප දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බන්ඩාර මහතාගෙන් විමසූ කළ ඒ මහතා “මංගල සමරවීර මහතාගේ පාවාදීම ආපසු හැරවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජාතික සංවිධානවල ගෞරවය ඒ මහතා වෙත පිරිනමනවා.ඒ වගේම අද ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 7වන සමුළුවේ 43 වන සැසිවාරයේදී 80 දශකයේදී අප දුටු දිනේෂ් ගුණවර්ධන නම් සටන්කාමියා දක්නට ලැබීම බලවත් සතුටට කාරනයක්.එතුමාගේ මැදිහත්වීමට සමස්ත ශ්‍රී ලාංකික ජාතියේම ගෞරවය හිමි විය යුතුයි.ඔහු අභිමානවත් දේශනයක් ලෝකය හමුවේ ඉදිරිපත් කළා.

 

ඔහුගේ ප්‍රවේශය සම්බන්ධයෙන් අපට ඇත්තේ එක් විවේචනයක් පමණයි.එනම් විනිසුරුවරයෙකු යටතේ පත්කරනවා යැයි කියන කොමිසම මගින් රණවිරුවන්ට එරෙහිව OISL වාර්තාව මගින් එල්ල කර ඇති චෝදනා වලට පිළිතුරු බැඳීමට අතීතයේ පිහිට වූ සියළු කොමිසම් වාර්තා, නීතිමය සහ කරුණුමය සාක්ෂි අධ්‍යයනය කරන බව සෘජුව සඳහන් නොකිරීම පමණයි.රණවිරුවා යුද අපරාධ චෝදනා වලින් ගලවා ගැනීමටනම් එම කොමිසම් වාර්තාව මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කරන බව කිව යුතුමයි.” යනුවෙන්

 
THE HUMAN RIGHTS COUNCIL SESSION - Minister Dinesh Gunawardhana's speech

THE HUMAN RIGHTS COUNCIL SESSION - Minister Dinesh Gunawardhana's speech 2020-2-26 GENEVA

Posted by News.lk on Wednesday, February 26, 2020

 

views

817 Views

Comments

arrow-up