අජිත් පී සහ ෆොන්සේකා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේන් ඉවතට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
30

අජිත් පී සහ ෆොන්සේකා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේන් ඉවතට

අජිත් පී සහ ෆොන්සේකා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේන් ඉවතට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන අයගේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය ඉවත් කර තිබේ.

 


පක්ෂයේ සාමූහික විනය කඩකිරිමේ චෝදනාව මත මෙම තීරණය ගෙන ඇති බවයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
එක්සත් ජාතික පක්ෂයේ නව කෘත්‍යාධිකාරි මණ්ඩලය ඊයේ (29) දිනයේ පත් කෙරුණු අතර අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයාගේ සහ සරත් ෆොන්සේකාගේ නම ඊට ඇතුළත් කර නොමැති බව සඳහන් වෙනවා.

 


ඒ අනුව ඔවුන් දෙදෙනාට අද(30) පස්වරුවේ පැවැත්වෙන එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමට සහභාගී විය නොහැකි බවද එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

 


එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 03.00 ට රැස්විමට නියමිතයි.

 


එහිදී පක්ෂයේ නායකත්වය ඇතුළු පක්ෂයේ පවතින ගැටළු සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණිමට නියමිත බවත් සඳහන්.

 

views

680 Views

Comments

arrow-up