විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබා ගන්නැයි නීතිපති උපදෙස්

වැඩ තහනමට ලක්කර සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට උපදෙස් ලබාදී තිබේ.
ඒ විනිසුරුවරයා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමග අධිකරණ කටයුතු සම්බන්ධයෙන් දුරකථන සංවාදයක නිරත වීමේ සිද්ධියට අදාළවයි.
නීතිපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත්තේ විනිසුරුවරයාව විමර්ශනයේ සැකකරුවෙක් ලෙස නම් කර අධිකරණ වරෙන්තුව ලබා ගැනීමෙන් අනතුරුව ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
විනිසුරුවරයා නීති කාර්යයක යම් අවස්ථාවකදී පාවිච්චි කිරීමේ කාර්යය සඳහා ගෙතන ලද සාක්ෂි නිර්මාණයට විමර්ශනයේ පළමු සැකකාර රන්ජන් රාමනායක සමග කුමන්ත්‍රණය කර ඇති බවට ප්‍රමාණවත් කරුණු අනාවරණය වී ඇතැයි ද නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට උපදෙස් ලබාදී තිබේ.
883 Views
Comments