සියලු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වලට පොලිසිය දැනුම් දිමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
13

සියලු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වලට පොලිසිය දැනුම් දිමක්

සියලු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වලට පොලිසිය දැනුම් දිමක්

සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින්ගේ වත්මන් ලිපිනයන් හා දුරකථන අංක යාවත්කලින කිරීමට පියවර ගන්නා ලෙස ආයතන ප්‍රධානින් ගෙන් ඉල්ලීමක් කරන බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

මේ වන විට රටේ උද්ගතව ඇති සෞඛ්‍ය තත්ත්වය මත මෙම දත්ත යාවත්කාලින කිරීම ඉතා වැදගත් බවත් එය ඉදිරි දින 03 තුලදී සිදුකළ යුතු බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.

” බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ ඇතිවූ කොරෝනා ව්‍යාප්තිය සමග ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ දැඩි ගැටළු කිහිපයකට මුහුණ දුන්නා මෙම සේවක සේවිකාවන්ගේ ලිපිනයන් සහ දුරකථන අංක සොයා ගැනීමට. බොහෝ දෙනා රැකියාවට එන විට පදිංචිව සිටින ස්ථානයේ දැන් පදිංචිය නැහැ. ඒ වගේම ඔවුන්ගේ දුරකථන අංක පවා වෙනස් වෙලා. මේ හේතුවෙන් මේ පියවර ගන්න කියලා අපි සියලු ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම තමන් ආගිය තැන් වගේම ඇසුරු කළ පුද්ගලයින් කවුද කියන එකත් සියලු දෙනාම කෙටි සටහනක් තබාගෙන තිබීම වැදගත්. මොකද ඒ හරහා අපිට පුලුවන් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු හඳුනා ගනු ලැබුවොත් පළමු, දෙවන හෝ තෙවන ආශ්‍රිතයින් කවුද කියලා හඳුනා ගැනීම සහ ඒ හරහා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීමට පියවර ගන්න” නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

 

views

1668 Views

Comments

arrow-up