උගුල් අටවන්නන්ට දැඩි නීති
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
24

උගුල් අටවන්නන්ට දැඩි නීති

උගුල් අටවන්නන්ට දැඩි නීති

වනසතුන් දඩයම් කිරීම සඳහා උගුල් අටවන අයට සහ දඩ මස් අලෙවි කරන අයට එරෙහිව දැනට අධිකරණය හමුවේ ලබාදෙන දඩුවම්වලට වඩා දැඩි දඩුවම් ලබාදීමට අවශ්‍ය අණ පනත් පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගන්නා බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක මහතා පවසනවා.
වන සතුන් දඩයම් කිරීම සඳහා වනජිවි කලාපවල, වන සංරක්ෂණ ප්‍රදේශවල සහ තේ වතු ආශ්‍රිතව උගුල් අටවන අය අත්අඩංගුවට ගැනීම සඳහා වනජිවි දෙපාර්තුමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මේ වන විටත් වැඩසටහනක් දියත් කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

 

 

views

644 Views

Comments

arrow-up