කොළඹ නාරාහේන්පිටින්, හැටේ වත්තෙන්, හැව්ලොක් වීදියෙන් රෝගීන් 4ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
28

කොළඹ නාරාහේන්පිටින්, හැටේ වත්තෙන්, හැව්ලොක් වීදියෙන් රෝගීන් 4ක්

කොළඹ නාරාහේන්පිටින්, හැටේ වත්තෙන්, හැව්ලොක් වීදියෙන් රෝගීන් 4ක්

නාරාහේන්පිට, දාබරේ මාවත ප්‍රදේශය හුදෙකලා ප්‍රදේශයක් බවට පත් කර තිබෙනවා. ඒ, ඊයේ (27) දිනයේදී සිදුකළ PCR පරීක්ෂණ වලින් කොරෝනා ආසාධිත පුද්ගලයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කලේ.



මිට පෙරද දාබරේ මාවතෙන් එක් කොරෝනා රෝගීයෙක් වාර්තා වී තිබුණු බවත් ඒ හේතුවෙන් දින දෙකක කාලයක් සිදුකළ PCR පරීක්ෂණ මගින් මෙම රෝගීන් දෙදෙනා සොයා ගැනීමට හැකිවූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



මිට අමතරව ටොරිංටන්, 60 වත්ත ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාධිතයෙක් වාර්තා වී තිබෙනවා. ඔහු බණ්ඩාරනායක මාවතේ සිට පැමිණ එම වත්තේ රැඳී සිට ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කලේ.



මීට අමතරව හැව්ලොක් ලේන් හී පදිංචිකරුවෙක් වන කොළඹ මහ නගර සභාවේ පවිත්‍රතා අංශයේ සේවකයෙක්ටද කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට ඊයේ දිනයේදී හඳුනා ගෙන තිබෙනවා.



මෙම පවිත්‍රතා අංශයේ සේවකයා කටයුතු කළ ලොරි රථයේ රියදුරා කොළඹ, බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවෙක් බවයි මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.



ඊයේ දිනයේදි වාර්තා වූ කොරෝනා රෝගීන් ගෙන් බහුතරයක් වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

views

761 Views

Comments

arrow-up