ජනපතිගේ ප්‍රථම නිල සංචාරය ඉන්දියාවට

ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාගේ ආරාධනාව පිළිගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම මස 29 වෙනිදා ඉන්දියාවේ සංචාරය කිරිමට නියමිතව තිබෙනවා.
නව ජනාධිපතිවරයා සිය ධුරයට පත්විමෙන් සිදුකරනු ලබන පළමු විදෙස් සංචාරය මෙය බවයී වාර්තා වන්නේ.
ඉන්දීය අගමැතිවරයාගේ විශේෂ පණිවිඩයක් රැගෙන අද (19) දිවයිනට පැමිනි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ඇතුළු ධුත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව මුණ ගැසුනා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී.
එම අවස්ථාවේදි ඉන්දිය අගමැතිවරයාගේ ආරාධනාව පිලිගනිමින් තමන් නොවැම්බර් 29 වෙනිදා ඉන්දියාවට පැමිණෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දුන් බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ.
719 Views
Comments