පාතාලය සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ මෙහෙයුම් හමුදාවට පවරයි

පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමේ කටයුතු සෘජුවම හමුදාව වෙත පැවරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.
ඒඅනුව ඉදිරියේදී යුද හමුදාව ඇතුලු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යොදවා පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සියල්ල මැඩ පැවැත්වීම ජනාධිපතිවරයාගේ අරමුණ වී තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ වනවිට හිටපු හමුදා නිළධාරියෙකු ජනාධිපති ධුරයට පත්ව සිටී. එසේම නව ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ අවසන් සටනේදී කැබී පෙනෙන කාර්යභාරයක් සිදුකළ කමල් ගුණරත්න මහතාය. වත්මන් යුද හමුදාපතිවරයා ද අවසන් සටනේදී කැපී පෙනුණු හමුදා නිලධාරියෙකි.
අනෙක් වැදගත්ම කරුණ වන්නේ මෙම පුද්ගලයන් තිදෙනාම යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවට අයත් වීමයි. අවසන් යුද සමයේදී තිදෙනා අතර අතිශය සමීප සබඳතා පැවති අතර ඒ අනුව පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ මහෙයුමේදීද ගෝඨාභය රාජපක්ෂ මහතා කමල් ගුණරත්න මහතා සහ ශවේන්ද්‍ර සිල්වා මහතා කෙරෙහි පූර්ණ විශ්වාසය තබා තිබෙනවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා උත්සාහ කළ නමුත් එහි අවසානයක් දැකීමට අසමත් වුණා.
කෙසේ වෙතත් වත්මන් ජනාධිපතිවරයා බලයට පත් වූ පළමු මොහොතේම පාතාලය සහ මත් ජාවාරම මැඩලීම සඳහා තදින් පියවර ගනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරනවා.
2074 Views
Comments