කොරෝනා වෛරස් ආසදිත චීන කාන්තාව සුවය ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවට ස්තූති කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රතිකාර ලැබූ කොරෝනා වෙෙරසය අාසාදනය වී සිටි චීන කාන්තාව දැන් සම්පූර්ණයෙන්ම සුව වී ඇති අතර නිදහස් කිරීමට සූදානම්ව සිටිනවා.
මෙහි දැක්වෙන පින්තූර ඇය රෝහල් කාර්ය මණ්ඩලයට සහ බලධාරීන්ට ස්තූති කරමින් සිටින අයුරුයි.
ඇය ළඟට නොපැමිණිය වේලාවක ඇයව රැකබලා ගත් ප්‍රධාන හෙදියට වෛද්‍ය කාර්ය මණ්ඩලයට ඇය සටහනක් තබා තිබුණා. තමා රැකබලා ගැනීම පිළිබඳව ඇය ශ්‍රී ලංකා සංචාරක අධිකාරියට ස්තූති කර තිබේන බවයි චීන තානාපති කාර්යාලයට සමීප ආරංචි මාර්ග සදහන් කළේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ ඊයේ මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබන චීන කොරොන වයිරස් රෝගී කාන්තාව මේ වන විට සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බවත් නිදහස් කළ හැකි බවත්ය.
43 හැවිරිදි මෙම කාන්තාව ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගතකරමින් සිටි අතර ඇයට වෛරසය අාසාදිතබව අනාවරණය වූයේ ඇය ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට ආසන්නව සිටියදීයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ තහවුරු කළේ ශ්‍රී ලංකාවේ වෛරසය වැළඳී ඇති පළමු සහ එකම රෝගියා ඇය බවයි.
2296 Views
Comments