නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවේ පැතිරීම වැළැක්වීමට ජනපති කමිටුවක් නම් කරයි

ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය පැතිරිම වැළැක්වීම සදහා ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයට උපදෙස් ලබා දී තිබුණා.
ඒ අනුව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුල පැතිරිම වැළෑක්වීම සදහා ගත යුතු සෞඛ්‍ය ක්‍රියාමාර්ගයන් සහ ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට අදාලව සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් කමිටුවක් පත් කළා.
එම කම්ටුවේ සාමාජිකයින් වන්නේ,
1.ජනාධිපති අතිරේක ලේකම් රියර් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා.
2.සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය.
3.සෞඛ්‍යෙ සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා.
4.අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා.
5.අතිරේක ලේකම් වෛද්‍යලක්ෂ්මි සෝමතුංග මහත්මිය.
6.වෛද්‍ය නිහාල් ජයතිලක මහතා.
7.විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා.
8.ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා.
9.විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා.
10.ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරමින් බ්‍රිගේඩියර් වෛද්‍ය ක්‍රිෂාන්ත ප්‍රනාන්දු මහතා.
11.වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ සුදත් සමරවීර මහතා.
12.වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය.
13.වෛද්‍ය පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ජයරුවන් බණ්ඩාර මහතා.
14.ගුවන්තොටුපල සමාගමේ සභාපති ජෙනරල් ජී.ඒ චන්ද්‍රසිරි මහතා.
15.ආගමන විගමන දෙපාර්තමේන්තු පාලක තුමා ද පත් කර ඇත.
මෙම කමිටුව අද දින (27) පස්වරු 5.00 ට සෞඛ්‍ය අමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්වීමට නියමිතයි.
එහිදී කොරෝනා වෛරසය පිළිබදව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද සහ ක්‍රියාත්මක කළ යුතු ආරක්ෂිත වැඩපිළිවෙල පිළිබදව සාකච්ඡා කෙරෙනු ඇති.
මීට අමතරව මෙම කමිටුවට උපදෙස් ලබාදීම සදහා තාක්ෂණික වැඩපිළිවෙළක් සැකසීම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද දින (27) පෙරවරු 11.00 ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වීමට ද කටයුතු යොදා තිබෙනවා.
1116 Views
Comments