ජනතාවගේ හැසිරීම ගැන පොලීසිය කනස්සල්ලෙන් ?
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
12

ජනතාවගේ හැසිරීම ගැන පොලීසිය කනස්සල්ලෙන් ?

ජනතාවගේ හැසිරීම ගැන පොලීසිය කනස්සල්ලෙන් ?

රටේ ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේදී ඒ සඳහා ජනතාව ලබාදෙන දායකත්වය සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. පවතින තත්වය සම්බන්ධයෙන් ‍කෙතරම් දැනුවත් කිරීම් සිදු කළද ඇතැම් පුද්ගලයන් එම උපදෙස් නොසලකා කටයුතු කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

 

ඊයේ (11) දිනයේදී විවිධ ස්ථානවල නිරෝධායන නීති රීතිවලට ගරු නොකරමින් ජනතාව හැසිරෙන ආකාරය පොලීසිය විසින් නිරීක්ෂණය කළ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසනවා. ඒ පිළිබඳව පොලීසිය තවදුරටත් සොයා බලමින් සිටින බවත්, ඒ සඳහා පොලිස් නිළධාරීන් සිවිල් ඇඳුමින් අදාල ස්ථානවල රැඳවීමට කටයුතු කරන බවත් ඔහු පෙන්වා දෙයි.

 

රාජ්‍ය හා ‍පෞද්ගලික අංශයේ සේවා ආරම්භ කිරීමේදී ඇතැම් ආයතන නිවැරදි ක්‍රමවේද අනුගමනය කළද ඇතැම් කාර්යාල ඒ සඳහා ගෙන ඇති පියවර ප්‍රමාණවත් නොවන බව ද අජිත් රෝහණ මහතා පෙන්වා දෙනවා.

 

සමාජ දුරස්ථභාවය ආරක්ෂා වන පරිදි සිය ගමනාගමන කටයුතු සිදු කිරීම සඳහා ධාවනය වන බස් රථ ප්‍රමාණවත් නොවන බවට ජනතාවගෙන් පැමිණිලි ලැබෙන බවත් ඉදිරි දින කිහිපය තුළ ඒ සඳහා විසඳුම් ලබාදෙන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.

views

839 Views

Comments

arrow-up