රටවල් කිහිපයක් සඳහා ශ්‍රී ලංකන් ගුවන් ගමන් අරඹයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
12

රටවල් කිහිපයක් සඳහා ශ්‍රී ලංකන් ගුවන් ගමන් අරඹයි

රටවල් කිහිපයක් සඳහා ශ්‍රී ලංකන් ගුවන් ගමන් අරඹයි

එංගලන්තයේ ලන්ඩන් , ජපානයේ නරීටා , ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සහ චීනයේ හොංකොං වෙත ගුවන් ගමන් පහසුකම් ආරම්භ කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය තීරණය කර තිබෙනවා.

 

ලෝකයේ ආර්ථික ක්‍රියාකාරකම් නැවත විවෘත කිරීම සැලකිල්ලට ගනිමිනුයි ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙම තීරණය ගෙන ඇත්තේ.

 

මෙම සේවාව මගින් බොහෝ විදේශයන් හි අතරමං වී සිටින සංචාරකයන්ට නිරෝධායන කාළ සීමාවන්ට යටත්ව සහ සංචාරක ලියකියවිලි වල නිරවද්‍යතාව මත මෙම පහසුකම ලබා ගැනීමට හැකයාව පවතිනවා.

 

ඒ අනුව මෙම ගුවන් ගමන් හෙට (12) සිට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

 

ඒ අනුව නව ගුවන් ගමන් භාවිතා කරමින් සංචාරය කිරීමට කැමති ගුවන් මගීන්ට, එක් එක් රටවල නියාමන අධිකාරීන් විසින් පනවා ඇති සීමාවන් මත පදනම් වෙමින් අදාළ රටවලට ඇතුළු වීමට සුදුසුකම් ඇති බවට සහතික විය යුතුයි.

 

මෙම ක්‍රමය යටතේ සංචාරය කිරීමට අදහස් කරන ගුවන් මගීන් තම ගුවන් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට පෙර ,ඔවුන්ගේ අදාළ රටවල දේශසීමා පාලන අධිකාරීන්ගෙන් සහ එම රටවල ආගමන විගමන බලධාරීනගෙන් සහ සිය සංචාරක නියෝජිතයා අමතා පරීක්ෂා කර බැලීමක් සිදු කර ගත යුතු වනවා.

 

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ 0197331979 යන දුරකථන අංකය ඇමතීමෙන් හෝ www.srilankan.com යන වෙබ් අඩවියට පිවිසීමෙන් ද දැන ගත හැකයි.

views

1027 Views

Comments

arrow-up