මුහුණු ආවරණ සදහා උපරිම සිල්ලර මිලක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
29

මුහුණු ආවරණ සදහා උපරිම සිල්ලර මිලක්

මුහුණු ආවරණ සදහා උපරිම සිල්ලර මිලක්

 

උද්ගතව ඇති කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් වෙළෙදෙපොලෙහි අලෙවි කිරිමට තිබෙන ඉවත දැමිය හැකි මුහුණු ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

 


ඒ මෙම මුඛ ආවරණ වෙළදපලේ වැඩි මිලකට අලෙවි කිරීමේ සිද්ධීන් රැසක් සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ කරුණු වාර්තා වීමත් සමගයි.

 


මේ පිළිබදව අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් විසින් ගනු ලද තීරණයකට අනුව 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 142 වගන්තිය යටතේ උපකරණ මිල නියම කිරිම නියෝග අනුව ඉවත දැමිය හැකි මුහුණු ආවරණ සදහා උපරිම සිල්ලර මිලක් නියම කිරිමට අද (29) සිට තීරණය කර තිබෙනවා.

 


ඒ අනුව පහත සදහන් වෛද්‍ය උපකරණවල අනුමත නාමය අනුව අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල ගණන් පහත පරිදි වේ.

 


01.     ඉවත දැමිය හැකි මුහුණු ආවරණ  - නොවියන ලද (ලූපය සහිත හෝ ගැට ගසන)  රුපියල් 15 යි

 


02.     ඉවත දැමිය හැකි ශල්‍ය මුහුණු ආවරණ -  නොවියන ලද (ලූපය සහිත හෝ ගැටගසන)  රුපියල් 15 යි

 


03.     මුහුණු ආවරණ (එන් 95 වර්ගය - අංශු ශ්වසන පෙරණය) රුපියල් 150 ක් වශයෙන් වේ.

 


එමෙන්ම ඉහත මිල ගණන් අභිබවා මුහුණු ආවරණ අලෙවි කරනු ලබන වෙළෙදුන්ට‌ සහ තොග සගවා තබා ගන්නා වූ වෙළෙදුන් හට නීතිය ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය පියවර ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.

views

674 Views

Comments

arrow-up