හදිසි අවස්ථාවකදී ආරක්ෂක අමාත්‍යාංශයෙන් SMS එකක්

ජාතික ආරක්ෂාව හා හදිසි ආපදා කළමනාකරණ තත්වයන් පිළිබඳ සත්‍ය තොරතුරු ඉතා කඩිනමින් මහජනතාව වෙත ලබාදීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් කෙටි පණිවුඩ සේවාවක් ආරම්භ කර තිබෙනවා.
සාමාන්‍ය ජනතාව වෙත සත්‍ය තොරතුරු ලබාදීම මගින් මහජනතාව භීතියට පත්කරන සහ මහජන කලබලයට හේතු විය හැකි කටකතා සහ තොරතුරු පැතිරීම වැළැක්වීම සඳහා මෙම සේවය ආරම්භ කළ බවද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් සුමිත් අතපත්තු මහතා පැවසුවා.
ආරක්ෂක අමාත්‍යාංශය විසින් සිදුකරනු ලබන සේවාවන් තව දුරටත් පුළුල් කරමින් නව සංකල්පයක් ලෙස දිවයිනම ආවරණය වන පරිදී මෙම කෙටි පණිවිඩ සේවාව ක්‍රියාත්මක වන බවත් ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කොට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ දී නිල වශයෙන් මෙම කෙටි පණිවිඩ සේවාව ආරම්භ කළ බවද මේජර් ජනරාල් සුමිත් අතපත්තු මහතා කියා සිටියා.
කෙටි පණිවිඩ සේවාව ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ සහ ජාතික බුද්ධි අංශ ප්‍රධානී කාර්යාලය විසින් අධීක්ෂණය කරනු ලැබූ බවත් දුරකතන සමාගම් හරහා මෙම කෙටි පණිවිඩය බෙදා හැරෙන බවද හෙතෙම සඳහන් කළා.
මෙම නව කෙටි පණිවිඩ සේවාව ක්‍රියාත්මක කිරීම ආරක්ෂක අමාත්‍යාංශය විසින් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව ශ්‍රී ලංකා ටෙලිකොම් , ඩයලොග් ආසිආටා පීඑල්සී , මොබිටෙල් පෞද්ගලික සමාගම, භාර්තී එයාටෙල් ලංකා පෞද්ගලික සමාගම, හචින්සන් ටෙලිකොමි යුනිකේෂන් ලංකා පෞද්ගලික සමාගම සහ ලංකා බෙල් සමාගම යන දුරකථන සමාගම් අතර ඇති කරගන්නා ලද සහයෝගිතාවයේ ප්‍රතිඵලයක් බවද පැවසේ.
568 Views
Comments