මන්ත්‍රීවරුන්ට අසුන් ගැනීම ‘තහනම් වූ ‘ පාර්ලිමේන්තුවේ ආසන මෙන්න

පාර්ලිමේන්තු සභා ගැබ තුළ ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, විපක්ෂ නායක සහ ඇමැතිවරුන්ට වෙන්කර ඇති ආසනවල අසුන් නොගන්නා ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු නවක මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියා.
පාර්ලිමේන්තුවට අභිනවයෙන් තේරීපත්වූ මන්ත්‍රීවරුන්ට පිළිවෙත් හඳුන්වා දීමේ වැඩමුළුවේදී වේත්‍රධාරීවරයා නවක මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ ජනාධිපති, අගමැති සහ කථානායක හැර පාර්ලිමේන්තුවට පැමිණෙන සෑම මන්ත්‍රීවරයෙකුම ශරීර පරික්ෂාවට ලක් කෙරෙන බැවින් ඒ සඳහා ආරක්ෂක අංශවලට සහාය ලබා දෙන ලෙසයි.
එසේම කිසිදු මන්ත්‍රීවරයෙකුට ආරක්ෂාව සඳහා ලබාදී ඇති පෞද්ගලික ආයුධය පාර්ලිමේන්තුව තුළට රැගෙන ආ නොහැකි බවත් මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තු සංකීර්ණය තුළට ඇතුළුවීම සඳහා වාහන අවසර පත් දෙකක් ලබාදෙන අතර එක් අවසර පත්‍රයක් සඳහා රුපියල් 1000 ක ගාස්තුවක් අය කෙරෙන බවත් එය මන්ත්‍රී දීමනාවෙන් අඩු කෙරෙන බවද වේත්‍රධාරීවරයා නවක මන්ත්‍රීවරුන්ට දන්වා සිටියා.
පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කාර්යයන්ට පාර්ලිමේන්තු ලාංඡනය (සෙංකෝලය) යොදා නොගන්නා ලෙසද වේත්‍රධාරීවරයා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියා.
867 Views
Comments