ඉතිහාසයේම කෝඩුකාරයින් රැසක් පැමිණෙන 9 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිය අද ඇරඹේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
20

ඉතිහාසයේම කෝඩුකාරයින් රැසක් පැමිණෙන 9 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිය අද ඇරඹේ

ඉතිහාසයේම කෝඩුකාරයින් රැසක් පැමිණෙන 9 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිය අද ඇරඹේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවට පැමිණීමේ උත්සවය ඉතා චාම්ව පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.


ඒ අනුව ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නොපැවැත්වීම විශේෂත්වයක් වන අතර, ඒ වෙනුවට ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා පාර්ලිමේන්තුව ඉදිරිපිටදී ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් සංස්කෘතික අංග කිහිපයකින් සමන්විත අචාර දැක්වීමක් සිදු කිරීමට නියමිතයි.


අද පස්වරු 02.15 ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීම සිදු වන අතර, එහිදී පළමුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සම්ප්‍රාප්තිය සිදු වීමට නියමිතව තිබෙනවා.


අනතුරුව නව කථානායකවරයාගේ පැමිණීමෙන් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම සිදු වනවා.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වන්නේ ඉන් අනතුරුව වන අතර, එහිදී නව කථානායකවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට නියමිතයි.

 


අනතුරුව වේත්‍රධාරි නියෝජ්‍ය වේත්‍රධාරි සහ සහකාර වේත්‍රධාරි පෙරටු කරගත් කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැදවා ගෙන යනු ලබනවා.


එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසලදී කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද කිරීමට නියමිතයි.


මේ අතර, නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමට පෙරාතුව අද පෙරවරු 9.30 ට නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි රැස්වීම ආරම්භ වනවා.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 1ට අනුකූලව කාථානායකවරයා තෝරා පත්කර ගැනීම සිදුවනවා.


අනතුරුව නව කථානායකවරයා ඉදිරියේ සියලුම අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිය නිල ප්‍රතිඥාව හෝ දිවුරුම් දීම සිදු කිරීමටයි නියමිතව ඇත්තේ.


නියෝජ්‍ය කථානායකවරයෙකු සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයෙකු පත්කර ගැනීම ඉන් අන්තුරුව සිදුවන අතර, එහිදී පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි යන කවර හෝ එක් භාෂාවකින් දිවුරුම හෝ ප්‍රතිඥාව ලබා දීමට හැකියාව පවතිනවා.

views

781 Views

Comments

arrow-up