​​නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දින තුනක පුහුණුවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
20

​​නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දින තුනක පුහුණුවක්

​​නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දින තුනක පුහුණුවක්

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දින තුනක පුහුණුවක් ලබාදීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

 

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ (19) පස්වරුවේ පැවැත් වු අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියාසිටියේය.

 

ඉදිරි පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදී බැවින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා අනවශ්‍ය බව ඒ මහතා පැවසීය.

 

මේ අතර, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද (20) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

 

පසුවරු 02.00ට පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීකණ්ඩායම් රැස්වීම පැවැත්විමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.

 

එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය පත් කර ගැනිමට ද නියමිත බව තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.

 

views

761 Views

Comments

arrow-up