රන්ජන් හිරේට මාන්නප්පෙරුම පාර්ලිමේන්තුවට?
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
26

රන්ජන් හිරේට මාන්නප්පෙරුම පාර්ලිමේන්තුවට?

රන්ජන් හිරේට මාන්නප්පෙරුම පාර්ලිමේන්තුවට?

මෙවර ගම්පහ දිස්ත‍්‍රික්කයේ සමගි ජන බලවේගයෙන් පාරිලිමේන්තුවට තේරී පත්වූ රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කළේ යැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වූ නඩුව ඊයේ(25) වන විට විභාග කර අවසන් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු පැහැදිලි කර ගැනීම ඔක්තොම්බර් මස 21 වන දිනට කල් දමා තිබේ.මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති රන්ජන් රාමනායක මහතා තමා මේ නඩුවෙන් වැරදිකාරයා වීමට බොහෝ විට ඉඩ ඇති බවත් නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූවක් බැවින් තවදුරටත් අභියාචනා කිරීමට ඉඩක් නැති බවත් පවසා තිබේ.ඒ අනුව දැන් ඔහුට ඉතිරිව ඇත්තේ දඬුවම් විඳීම හෝ ජනාධිපති සමාව ලැබීම යන කරුණු දෙකෙන් එකක් පමණක් බවත් නීති විශාරදයෝ පෙන්වා දෙති. කෙසේ වුවද ගම්පහ දිස්ත‍්‍රික්කයේ සමගි ජන බලවේග මනාප ලයිස්තුවේ මීළඟට සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නපෙරුම මහතාට රන්ජන් රාමනායක මහතා සිරයට නියම වුවහොත් පාර්ලිමේන්තු යාමට අවස්ථාව සැලසේ.

 

views

1304 Views

Comments

arrow-up