ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රා දූපතේ භූ කම්පනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
19

ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රා දූපතේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රා දූපතේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රා දූපතේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.


කෙසේ වෙතත් එම භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බවයි ජාතික සුනාමි පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය නිවේදනය කළේ.


ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද අලුයම 3.59ට පමණ හටගෙන ඇති මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 6යි දශම 9ක ප්‍රභලත්වයක් සටහන් වී තිබෙනවා.


මුහුදු පතුලේ සිට කිලෝමීටර 163ක් ගැඹුරින් මෙම භූ චලනය සිදුව ඇති බව වාර්තා වනවා.


කෙසේ වෙතත් මෙම භූ චලනය හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිඳු අවදානමක් නැහැ.


එබැවින් වෙරළබඩ ජනතාව කිසිඳු බියක් ඇතිකරගත යුතු නැති බවයි ජාතික සුනාමි පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

 

views

805 Views

Comments

arrow-up