චම්පිකගේ රියදුරුගේ බිරිදගෙන් පෙත්සමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
25

චම්පිකගේ රියදුරුගේ බිරිදගෙන් පෙත්සමක්

චම්පිකගේ රියදුරුගේ බිරිදගෙන් පෙත්සමක්

කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් තමාවත් , තම අතදරුවා සහ ස්වාමියාගේ මව යන තිදෙනාම බත්තරමුල්ල ප‍්‍රදේශයට බලහත්කාරයෙන් රැගෙන යාම නීතිවිරෝධී බවත් , එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා  හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු වන දිලූම් තුසිත කුමාර නැමැත්තාගේ බිරිඳ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ  ඊයේ  (24)  මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.


 
 ගාල්ල, ඉමදූව ප‍්‍රදේශයේ පදිංචි ඉරේෂා ලක්මාලි නමැත්තිය විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක ලේකම්වරයා, වැඩබලන පොලිස්පති, ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයින්, කොළඹ අපරාධ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, එහි ස්ථානාධිපතිවරයා ඇතුළු 15 දෙනෙකු නම් කරනු ලැබ සිටිති

 


 
 පෙත්සම්කාරිය කියාසිටින්නේ ඉකුත් 10 වනදා රාත‍්‍රී තම නිවසට කඩාවැදුණු කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් තමාවත්  තම මාස තුනක් වයසැති අතදරුවා සහ ස්වාමියාගේ මව යන තිදෙනාම බත්තරමුල්ල ප‍්‍රදේශයට බලහත්කාරයෙන් රැගෙන ගිය බවය.
 

 


කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් විසින් තමන්ව අත්අඩංගුවට ගෙන මේ ආකාරයෙන් රැගෙන ගොස් රඳවා ගැනීම තුළින්  ආණ්ඩුක‍්‍රම  ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝණය වී ඇති බවයි ඇය පෙන්වා දෙන්නීය.

 


 
එබැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු වාර්තාවට අදාල ලේඛන ගෙන්වා  පරීක්ෂණයක් පවත්වා සිය මූලික අයිතීන් උල්ලංඝණය වූ බවට නියෝගයක් ලබාදෙන ලෙසත් , එලෙස රැගෙන යාමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ප‍්‍රකාශ කරන්නැයිද  පෙත්සම්කාරිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නීය. 

 

views

699 Views

Comments

arrow-up