පක්ෂ නායකත්වය නැතිව අගමැති අපේක්ෂකත්වය බාර ගන්නේ නෑ
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
18

පක්ෂ නායකත්වය නැතිව අගමැති අපේක්ෂකත්වය බාර ගන්නේ නෑ

පක්ෂ නායකත්වය නැතිව අගමැති අපේක්ෂකත්වය බාර ගන්නේ නෑ

පක්ෂ නායකත්වය නොමැතිව ඉදිරි මහමැතිවරණයේ අගමැති අපේක්ෂකත්වය භාර නොගන්නා බව  විපක්ෂනායක සජිත් ප්‍රේමදාස  මහතා පැවැසීය.

 

 

තමන් කොන්දේසි වලට යටත්වන පුද්ගලයකු නොවන බැවින් කිසිඳු කොන්දේසියක් මත කටයුතු කිරීමට ඉදිරියේදීත් සූදානම් නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

 

 


“සජිත් ප්‍රේමදාස මහතා ගමින් ගමට ජනතාව මුණ ගැසීම” ජන රැළි මාලාවේ ජනහමුවකට පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී ඊයේ (17) එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

 

 


මුරණ්ඩු ලෙස පක්ෂ නායකත්වය ලබා ගැනීමටත් තමන් කටයුතු නොකරන බවත් පැවසූ ප්‍රේමදාස මහතා පාක්ෂිකයන් බහුතරයකගේ ඉල්ලීම අනුව කටයුතු කිරීමට සූදානම් බවත් එහිදී සඳහන් කළේය.
 

 

views

761 Views

Comments

arrow-up