බක් පුර පසළොස්වක පොහොය අදයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
07

බක් පුර පසළොස්වක පොහොය අදයි

බක් පුර පසළොස්වක පොහොය අදයි

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදුවූ බක් පුර පසළොස්වක පොහෝ දිනය අදට(07) යෙදී තිබේ.

 

ශ්‍රී ලංකා ද්වීපය දෙවන වරටත් සම්බුදු සිරිපා පහසින් පූජනීයත්වයට පත් කරමින් බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවට වැඩම කළේ අදවැනි පොහෝ දිනකයි.

 

චූලෝදර මහෝදර නාගගෝත්‍රිකයින් මිණි පළඟක අයිතිය වෙනුවෙන් සිදු කිරීමට ගිය සටනින් සිදුවීමට ගිය විනාශය වැළැක්වීමට බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කළ බව ශාසන ඉතිහාසයේ දැක්වෙයි.

 

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අදට යෙදී ඇති බක් පුර පසලොස්වක පොහොය දිනයේදී නිවෙස් තුළම රැදී සිට ආගමික වත්පිළිවෙත් සිදුකරන ලෙස අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

 

මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

 

පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පෙන්වා දෙන්නේ, පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමේ වැදගත්කම මත මෙම තීරණය ගෙන ඇති බවයි.

views

749 Views

Comments

arrow-up