මාර්ගවල සැරිසරන්නන්ට අනතුරු ඇඟවීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
31

මාර්ගවල සැරිසරන්නන්ට අනතුරු ඇඟවීමක්

මාර්ගවල සැරිසරන්නන්ට අනතුරු ඇඟවීමක්

තම සේවා හැදුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට අවසරලත් තැනැත්තන් සහ එම වාහන හැර ඇදිරි නීති බලපත්‍ර නොමැතිව ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ගවල ගමන් ගන්නා සියළුම පුද්ගලයින් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

 

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය මේ බව සදහන් කර තිබේ.

 

ඔවුන්ට එරෙහිව නිරෝධායන රෙගුලාසි යටතේ සහ අපරාධ නීතිය යටතේ නඩු පවරනබවයි එම මූලස්ථානය සදහන් කළේය.

 

අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් වැරදිකරුවන් වුවහොත්සිර දඩුවමකට සහ දඩයකට ද යටත් වනු ඇති අතර පොලිසිය භාරයට ගනු ලබන වාහන මෙම වසංගත තත්ත්වය පහව යන තෙක් අදාල පොලිස් ස්ථානවල රැදවා තැබීමට ද කටයුතු කරන බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේවැඩිදුරටත් සඳහන් වේ.

 

 (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

views

1173 Views

Comments

arrow-up