HNB කොල්ලුපිටිය ශාඛාව වසා දමයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
31

HNB කොල්ලුපිටිය ශාඛාව වසා දමයි

HNB කොල්ලුපිටිය ශාඛාව වසා දමයි

ශාඛා බැංකු මාණ්ඩලික සාමාජිකයෙකුගේ දෙමව්පියන් විසින් පරීක්‍ෂා කිරීමෙන් පසු COVID19 අාසාදිත බව තහවුරු වීමත් සමඟ HNB කොල්ලුපිටිය ශාඛාව වසා දමා තිබෙනවා.

 

ඒ පිළිබදව සනාථ කරමින් HNB බැංකු සමාගම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

 

කොල්ලුපිටිය ශාඛාවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුගේ දෙමව්පියන් COVID-19 පරීක්ෂා කිරීමෙන් පසු ධනාත්මක බව තහවුරු වී ඇති බව HNB බැංකුව සනාථ කරයි.

 


පූර්වාරක්‍ෂක පියවරක් ලෙස HNB බැංකුව වහාම ශාඛාව වසා දමා ඇති අතර ස්වයං නිරෝධායනයකට ලක්වන ලෙස ශාඛාවේ සමස්ත කාර්ය මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා.

 

මේ අතර, මෙම ශාඛාවේ සියලුම මෙහෙයුම් දින 14 ක කාලයක් සඳහා වසා දමා ඇති අතර නිසි විෂබීජ නාශක ක්‍රියාවලීන් සිදු කෙරෙමින් පවතී.


කොල්ලුපිටිය ශාඛාවේ අන්තර්වාර ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ හදිසි බැංකු අවශ්‍යතා සඳහා අවට ඇති වෙනත් ඕනෑම HNB ශාඛාවක් භාවිතා කළ හැකි බව දැනුම් දී තිබෙනවා.

 

එපමණක් නොව, වසංගත කාලවලදී ඔවුන්ගේ ගනුදෙනු සිදු කිරීම සඳහා HNB හි ඩිජිටල් බැංකු සේවාව භාවිතා කිරීමට පාරිභෝගිකයින් දැඩි ලෙස දිරිමත් කර අැති බවයි දැනුම් දෙන්නේ.

 

සමපූර්ණ නිවේදනය පහතින්....

 

views

746 Views

Comments

arrow-up