දිනකට පැය දෙකක විදුලි කප්පාදුව නතර කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
03

දිනකට පැය දෙකක විදුලි කප්පාදුව නතර කෙරේ

දිනකට පැය දෙකක විදුලි කප්පාදුව නතර කෙරේ

ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයීමට තිබූ  ණය සීමාව ඉක්මවා යාම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (03) කෙරවළපිටිය බලාගාරයට සපයන ලද ඉන්ධන ප්‍රමාණය අත්හිටුවීමට පියවර ගැනුණා.

 

ඒ අනුව කෙරවළපිටිය බලාගාරයේ විදුලිය උත්පාදනය කිරීම ඇණ හිට තිබෙනවා. එසේ උද්ගත වූ තත්ත්වය මත  දිනකට පැය දෙකක කාලයක් විදුලිය සැපයීම අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කළා.

 

එහෙත් මේ සම්බන්ධව මැදිහත් වූ ප්‍රවාහන කළමනාකරණ විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා කැබිනට් මණ්ඩලයේ ආවරණ අනුමැතියට යටත්ව විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත ස්ථාවට උපදෙස් දී තිබෙනවා.

 

අනුව නැවතත් ඉන්ධන සැපයීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළ බැවින් විදුලි බල මණ්ඩලය විසින් හදිසි තත්ත්වයක් මත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ විදුලි බලය පැය දෙකකින් කපා හැරීම අත්හිටුවීමට තිරණය කාරුණා.

 

ඒ අනුව නැවතත් අඛණ්ඩවම විදුලිබලය මහජනතාවට සැපයීමට ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

views

714 Views

Comments

arrow-up