ස්විස් තානාපති කාර්යාලයේ සිදුවීමක් වී නැහැ; වින්දිතයා සේවිකාව නෙමෙයි මමයි - ජනපති
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
16

ස්විස් තානාපති කාර්යාලයේ සිදුවීමක් වී නැහැ; වින්දිතයා සේවිකාව නෙමෙයි මමයි - ජනපති

ස්විස් තානාපති කාර්යාලයේ  සිදුවීමක් වී නැහැ; වින්දිතයා සේවිකාව නෙමෙයි මමයි - ජනපති

ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක් පැහැරගත් බවට වාර්තා වන සිදුවීම සිදුනොවූ දෙයක් බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

 

අද (16දා) ජනපති ලේකම් කාර්යාලයේදී මාධ්‍ය ප්‍රධානීන් හා පුවත්පත් කතුවරුන් හා පැවැති හමුවකදී ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

 

මෙවැනි ආකාරයක සිදුවීමක් සිදුව නොමැති බවට පරීක්ෂණයෙන් ඔප්පු වී ඇති බවත් සී.සී.ටී.වී. දර්ශන හා දුරකතන දත්ත විශ්ලේෂණය කළ විට එවැනි සිදුවීමක් සිදුව නොමැති බවට පැහැදිලි බවත් ඔහු සඳහන් කරයි.

 

" තානාපති කාර්යාලයෙන් වගකීමක් තිබුණා සේවයෙකු පහැර ගැනීම ගැන පරීක්ෂණයක් ඉල්ලන්න. අගමැතිතුමා  පරීක්ෂණය දුන්නා. තාම පරීක්ෂණය යනවා. මේ සඳහා සේවිකාවගේ සහාය අවශ්‍යයි.

 

ස්විස් තානාපති කාර්යාලය ගැන කිසිම සැකයක් නෑ. මෙකේ වින්දිතයා සේවිකාව නෙමෙයි මමයි." යැයි ජනාධිපතිවරයා කියා සිටියා.

views

901 Views

Comments

arrow-up