ජනපති කොමිසමේ ඥානසාර හිමිගේ සාක්ෂිය රූගත කළ උලමා සංවිධානයේ මවුලවීට වුණු දේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
10

ජනපති කොමිසමේ ඥානසාර හිමිගේ සාක්ෂිය රූගත කළ උලමා සංවිධානයේ මවුලවීට වුණු දේ

ජනපති කොමිසමේ ඥානසාර හිමිගේ සාක්ෂිය රූගත කළ උලමා සංවිධානයේ මවුලවීට වුණු දේ

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පාස්කු ප්‍රහාරය පිළිබඳ ව සොයාබලන කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන අවස්ථාවේ දී එය ජංගම දුරකථනයකින් පටිගතකළ මව්ලවිවරයාට සහ ඔහුගේ නීතිඥවරයාට එරෙහිව අභියානාධිකරණය හමුවේ නීතිමය පියවර ගන්නා ලෙස එම කොම්සමේ සභාපති විනිසුරුවරයා උපදෙස් දී තිබේ.

ඔහු එසේ පවසා ඇත්තේ කොමිසමේ සාක්ෂි විමසීම අද (10) ඇරඹුණු අවස්ථාවේදී ය.

එමෙන්ම අදාළ නීතිඥවරයා සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විනය කමිටුවට දන්වන ලෙසද සභාපති විනිසුරුවරයා කොමිසමේ ලේකම්වරයාට නියෝග කළේය.

සභාපති විනිසුරුවරයා අද දින කොමිසමේ රැඳී සිටි නීතීඥවරුන්ට අවවාද කරමින් වැඩිදුරටත් දන්වා සිටියේ මෙහි දී තම අනාගතය සම්බන්ධයෙන් සිතා බලා සෑමවිටම නීත්‍යානුකූලව කටයුතු කරන ලෙසය.

මව්ලවිවරයා ජනාධිපති කොමිසම තුළට ජංගම දුරකථන රැගෙනගොස් ඇත්තේ, නීතිඥවරයෙකු මාර්ගයෙනි.

එලෙස පටිගත කිරීම සිදුකර ඇත්තේ සමස්ථ ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ වැඩබලන ලේකම්වරයා වන දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි මුර්ෂිඩ් නම් 51 හැවිරිදි මව්ලවිවරයෙකි.

views

753 Views

Comments

arrow-up