CIDය රනිල්ගේ ගෙදරට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
03

CIDය රනිල්ගේ ගෙදරට

CIDය රනිල්ගේ ගෙදරට

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කර ගන්නා බව පොලීසිය පවසනවා.

 

ඒ අනුව අද පස්වරුවේ කොල්ලුපිටිය, 5 වැනි පටුමගේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළා.

 

ඒ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.

 

CID නිලධාරීන් කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවයි වාර්ථා වන්නේ.

 

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් කුලසිංහ පාඩම ප්‍රකාශ ලබා ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පසුගියදා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබුණා.

 

එසේම හිටපු අග්‍රාමාත්‍ය වරයාගේ උපදේශක වරයෙක් ලෙස කටයුතු කළ පාස්තරලිංගම් සහ හිටපු බැංකු නිලධාරියෙකුගෙන්ද මහා බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසට නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

 

views

759 Views

Comments

arrow-up