විල්පත්තුවේ කෑල්ලක් ඉල්ලූ කැබිනට් යෝජනාව පත්තුවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
04

විල්පත්තුවේ කෑල්ලක් ඉල්ලූ කැබිනට් යෝජනාව පත්තුවෙයි

විල්පත්තුවේ කෑල්ලක් ඉල්ලූ කැබිනට් යෝජනාව පත්තුවෙයි

විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ කතෝලික දේවස්ථානය පිහිටි භූමිය ජාතික වනෝද්‍යානයෙන් ඉවත් කර වෙනම ගැසට් කිරීම සඳහා වනජීවී හා සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට ඊයේ (03) පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන් පිරිසක් දැඩි විරෝධය පළකර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

 

ඇමැතිවරුන් වන ගාමිණි ජයවික්‍රම පෙරේරා,පාඨලී චම්පික රණවක,සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු ඇමැතිවරුන් පිරිසක් මෙසේ විරෝධය පළකර ඇති බවද එම ආරංචි මාර්ග වලින් පැවැසේ.

 

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අක්කර අටක පමණ භූමි ප්‍රදේශයක් මෙසේ ජාතික වනෝද්‍යානයෙන් ඉවත් කර වෙනම ගැසට් කිරීම සඳහා අනුමැතිය ඉල්ලා මෙම කැබිනට් සංදේශය ඉදිරිපත් කර ඇති බවද වාර්තා වනවා.

 

එහිදී අදහස් දක්වා ඇති ඇමැතිවරුන් කිහිපදෙනෙකු සඳහන් කර ඇත්තේ පල්ලියේ උත්සව කටයුතු සඳහා භූමිය භාවිතා කිරීමට ඉඩදිය හැකි නමුත් භූමිය වෙනම ගැසට් කිරීමට ඉඩදිය නොහැකි බවයි.

 

ඒ අනුව කැබිනට් සංදේශය ඉවත් කරගෙන ඇති බවද වාර්තා වෙයි.

views

547 Views

Comments

arrow-up