ජනපති සම්බන්ධීකරණ ලේකම්වරයන් ලෙස වංචා සහගතව පෙනී සිටින පුද්ගලයන් පිලිබඳ දැනුම් දෙන්න

ජනපති සම්බන්ධීකරණ ලේකම්වරයන් වශයෙන් නැතහොත් ජනපති සමඟ සමීප සම්බන්ධතාවයක් ඇති තැනැත්තන් වශයෙන් වංචා සහගතව පෙනී සිටිමින් නොයෙකුත් ආකාරයෙන් මහජනතාවට වංචා සිදුකරන සහ මහජනතාව වෙත නොයෙකුත් නීති විරෝධී බලපෑම් සිදුකරන පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලැබෙමින් පවතින බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
එමෙන්ම මෙවන් පුද්ගලයන් පිළිබඳව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලිස් මුලස්ථානය විසින් අදාල පොලිස් නිලධාරින් වෙත අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවද එම අමාත්‍යංශය නිවේදනය කරයි.
එබැවින් දැනටමත් මෙවැනි ආකාරයේ වංචාවකට හෝ නීති විරෝධි බලපෑමකට ලක්ව තිබේනම් හෝ යම්කිසි පුද්ගලයෙක් මෙවන් ආකාරයේ වංචාවක් සිදුකරන්නේ නම් එම ප්‍රදේශයට අදාල පහත දුරකථන අංක සඳහන් කර ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම් දී එවන් වංචාවන් හා නීති විරෝධි බලපෑම් වළක්වා ගැනීමට සහය දෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
• ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති - බස්නාහිර පළාත
දේශබන්දු තෙන්නකෝන් මහතා - 0718591017
• ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති - උතුරු පළාත
රවී විජේගුණවර්ධන මහතා - 0718591009
• ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති - මධ්‍යඹ පළාත
එස්.එම්. වික්‍රමසිංහ මහතා - 0718591001
• ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති - දකුණ පළාත/සබරගමුව පළාත
රොෂාන් ප්‍රනාන්දු මහතා - 0718591028
• ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති - උතුරු මැද පළාත /වයඹ පළාත
නන්දන මුණසිංහ මහතා - 0718591008
• ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති - ඌව පළාත
ඩබ්.එෆ්.යු ප්‍රනාන්දු මහතා - 0718591011
• ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති - නැගෙනහිර පළාත
ලලිත් පතිනායක මහතා - 0718591985
තවද කොළඹ නගරය තුළ මෙවන් වංචාවක් යම්කිසි පුද්ගලයෙකු සිදුකරන්නේ නම් පහත අංකයට දැනුම් දිය හැකිය.
• අධ්‍යක්‍ෂ - කොළඹ වංචා විමර්ශන අංශය
පොලිස් අධිකාරි - ඩබ්.එල්.ජේ රසල් ද සොයිසා මහතා
දුරකථන අංකය - 0718591736
එමෙන්ම දිවයිනේ කුමන හෝ ප්‍රදේශයක මෙවන් වංචාවක් සිදුවන්නේ නම් පහත අංක වලටද දැනුම් දිය හැකිය.
I. 119.
II.පොලිස්පති අණදෙන තොරතුරු මැදිරිය - කාර්ය භාර නිලධාරි
දුරකථන අංකය - 011-2854885
641 Views
Comments