ඡන්ද විමසීම ඇරඹේ

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද පෙරවරු 7.00ට ආරම්භ වුණා.
දිවයින පුරා මධ්‍යස්ථාන 12,985 කදී ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචිවී සිටින ඡන්දදායකයින් සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්ෂ හැටතුන්දහස් අටසිය අසූපහක්.
2020 මහමැතිවරණය සඳහා මෙවර මැතිවරණ දිස්ත්‍රික්ක 22 කෙන් අපේක්ෂකයින් 7452 දෙනෙක් ඉදිරිපත්ව සිටින්නේ පිළිගත් දේශපාලන පක්ෂ 20 ක් හා ස්වාධීන කණ්ඩායම් 34 ක් නියෝජනය කරමින්.
790 Views
Comments