සෞඛ්‍යයෙන් අධ්‍යාපනයට බොලේ පාස්කරයි - උෂ්ණත්වමාන නැතිවම පාසල් විවෘත කෙරෙයි

පාසල්වලට අවශ්‍ය උෂ්ණත්වමාන ආනයනය කිරීම අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති අතර උෂ්ණත්වමාන නොමැතිව පාසල් ආරම්භ කිරීමට උපදෙස් ලබා දීමට ද නියමිත ය.
උෂ්ණත්වමාන පාසල්වලට ලබාදීමේ තීරණය අධ්‍යාපන අමාත්‍යාංශය ගත යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය කර ඇති දැනුම් දීමක් මෙම තීරණයට හේතු වී තිබේ.
පාසල්වලට උෂ්ණත්වමාන ලබා දිය යුතු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මීට පෙර කළ දැනුම් දීම අනුව අධ්‍යාපන අමාත්‍යාංශය උෂ්ණත්වමාන දහසය දහසක් ආනයනය කිරීම සඳහා ටෙන්ඩර් ද කැඳවා ආයතන ද තෝරාගෙන ටෙන්ඩරය ප්‍රදානය කිරීමටද සැලසුම් කර තිබිණි. ඒ සඳහා ආයතන පනස් හයක් ඉදිරිපත්ව සිටි අතර ඉන් මිල ගණන් ඉදිරිපත් කිරීමට සුදුසුකම් ලබා ඇත්තේ ආයතන දෙකක් පමණි.
එහෙත් ඉකුත් සිකුරාදා (19 වැනිදා) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහත දැනුම් දීම නිසා අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි ගැටලුවකට මුහුණ දී සිටී.
උෂ්ණත්වමාන අවශ්‍ය ද නැද්ද යන තීරණය දැනුම් දිය යුතු සෞඛ්‍ය අමාත්‍යාංශය එම තීරණය ගැනීම අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරීම අනුමත කළ නොහැකි තත්ත්වයක් යැයි මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. උෂ්ණත්වමාන ආනයනය කරන්නේ ද නැද්ද යන්න මේ සතියේ සාකච්ඡා කරන බව ද එම නිලධාරියා කීවේය. කෙසේ වුව ද උෂ්ණත්වමාන නොමැතිව පාසල් ආරම්භ කිරීමට පළාත් අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබා දෙන බවත් හෙතෙම සඳහන් කළේය.
807 Views
Comments