ඉන්දුනීසියාවේ අගනුවර වෙනතැනකට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
17

ඉන්දුනීසියාවේ අගනුවර වෙනතැනකට

ඉන්දුනීසියාවේ අගනුවර වෙනතැනකට

ඉන්දුනීසියාවේ අගනුවර කියන්නේ ජකර්තා නුවර බව කවුරුත් දන්නවා. නමුත් තව වසර කිහිපයකින් එම තත්ත්වය වෙනස් වන බව වාර්තා වෙනවා. ඊට හේතුව වෙන්නේ ඉන්දුනීසියාව තම අගනගරය වෙන තැනකට රැගෙන යාමට සූදානම් වීමයි.

ඉන්දුනීසියාව කියන්නේ දූපත් රැසකින් සමන්විත රටක්. වර්තමාන අගනුවර වන ජකර්තා නගරය පිහිටා තිබෙන්නේ ඒ අතරින් ජාවා නැමැති දූපතේ. නමුත් ඔවුන් ඉහත කී අලුත් අගනගරය ඉදිකිරීමට සූදානම් වන්නේ වෙනත් දිවයිනක. එය හඳුන්වන්නේ බෝනියෝ කියලා. බෝනියෝ දිවයිනේ නැගෙනහිර ක්ලිමන්තාන් කියන ප්‍රදේයේ තමයි මෙම අලුත් අගනුවර ඉදිවෙන්නේ. ඉතා නවීන ආකාරයට සැලසුම් කල සුවිශාල ඉදිකිරීම් කටයුතු තව මාස කීපයකින් ආරම්භ වන බව මේ වනවිට ඔවුන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා.

මේ සඳහා වැය වන මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 35 ක් පමණ වන බවයි කියවෙන්නේ. එය ලංකාවේ රුපියල් වලින් රුපියල් බිලියන 6400කට ආසන්න මුදලක්. ඉන්දුනීසියාව ඔවුන්ගේ අගනගරය මේ ආකාරයෙන් වෙනත් තැනකට රැගෙන යාමට අදහස් වීමට හේතු කිහිපයක් බලපාලා තියෙනවා.

 


එනම් ජකර්තා නගරයේ ජනගහනය මේ වනවිට දරන්න බැරි තර විට වැඩි වී තිබීම. මිලියන දහයක් පමණ ජනගහනයක් මේ වන විට ජකර්තා නුවර වාසය කරනවා. නගරය තුළ පවතින අධික වාහන තදබදය වායු දූෂණය ගැටලුව සම්බන්ධයෙන් දැන් කාලෙක සිටම අවධානය යොමු වෙමින් තියෙනවා. ජකර්තා නගරය ඉදි කර ඇති ආකාරය වර්තමානයේ අභියෝගතා වන නොගැළපෙන බවයි ඉන්දුනීසියාව පෙන්වා දෙන්නේ. මේ අතර ජකර්තා නගරය සම්බන්ධයෙන් පවතින ලොකුම ගැටලුව බවට පත්වෙලා තියෙන්නේ එය කෙමෙන් කෙමෙන් ගිලා බසිමින් තිබෙන නගරයක් වීමයි. ජකාර්තා නගරයේ ජනතාවට ප්‍රමාණවත් තරම් නල ජලය නොසපයන බව පැවසෙනවා. මේ නිසා ජනතාව කරන්නේ ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා සඳහා පොළොව යට ඇති ජලය නල ළිං ආදිය ඔස්සේ භාවිතයට ගැනීමයි. නමුත් මේ ආකාරයෙන් ජලය ඉවතට අදින වේගයට පොළොව යට ඇති ජල කුහරවලට නැවත ජලය පිරීමක් සිදු නොවන බවයි පැවසෙන්නේ. මේ නිසා පොළොව යට පීඩනය අඩු වීමෙන් පොළොව ගිලා බැසීමක් සිදු වෙනවා.

 

මේ වෙනවිට නගරයේ ඇතැම් ප්‍රදේශ මුහුදු මට්ටමටත් වඩා පහළින් පිහිටලා තියෙන්නේ. මේ නිසා මුහුදු ජලය නගරය ගිල ගනිමින් සිටිනවා. ගෝලීය උණුසුම වැඩි වීම නිසා මුහුදු මට්ටමේ ඉහළ යෑම මෙම ප්‍රශ්නය තවදුරටත් උග්‍ර වීමට හේතු වෙලා තියෙනවා. වසර 2050 පමණ වන වනවිට ජකර්තා නගරය සම්පූර්ණයෙන්ම මුහුදේ ගිලුනු ඇතැයි පැවසෙනවා. අලුත් නගරය ඉදිකිරීම සඳහා නැගෙනහිර ප්‍රදේශය තෝරා ගැනීමට එක් හේතුවක් වී ඇත්තේ එම ප්‍රදේශය ස්වභාවික විපත් අවම වීම. කෙසේ නමුත් නැගෙනහිර ක්ලමන්තාහි අලුත් නගරය ඉදිකිරීම නිසා එම ප්‍රදේශයේ සිදුවිය හැකි පරිසර හානි ගැන මේවනවිට කතාබහක් යනවා. විශේෂයෙන්ම ඔරංඋටංලා වැනි දුර්ලභ සත්ව විශේෂ වලට එල්ලවිය හැකි තර්ජන ගැන ඔවුන් අවදානය යොමු කරමින් තියෙනවා. කෙසේ වෙතත් 2024 වන විට ඉන්දුනීසියාවේ අලුත් අගනුවර ජකර්තා නොවන බව ඉන්දුනීසියාවේ වාර්තා පවසනවා.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

1188 Views

Comments

arrow-up