ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සාකච්ඡාව මෛත්‍රි වර්ජනය කරයි

ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන සන්ධානයේ හවුල්කාර පක්ෂවල නායකයින් සහ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ඊයේ (10) රාත්‍රියේ පැවැත්වුණා.
කොළඹ අරලියගහ මන්දිරයේදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වූණු බවයි හිටපු රාජ්‍ය ආමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසුවේ.
ජනතාවට වැඩි වශයෙන් දැනෙන ප‍්‍රශ්ණ කිහිපයක් පිළිබඳව මෙහිදී අවධානයට ගැණුනු බවද ඔහු පැවසුවා.
එළබෙන මහ මැතිවරණය සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන සන්ධානය මුහුණ දිය යුතු ආකාරය පිළිබඳවද මෙහිදි සාකච්ඡා වූ බව හිටපු රාජ්‍ය ආමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසුවා. සන්ධානයේ හවුල්කාර පක්ෂ අතර පවතින මත ගැටුම් වහාම සමතකර ගතයුතු බවයි එහිදී අවධාරණය වී ඇත්තේ.
මහ මැතිවරණය සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නාම යෝජනා සකස් කිරීම පිළිබඳවද ඊයේ රාතීී‍්‍රයේ පැවති මෙම සාකච්ඡාවේදී අදහස් හුවමාරු වී තිබෙනවා.
කෙසේ වෙතත් ඊයේ පැවති මෙම සාකච්ඡාවට ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සභාපති හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහභාගී වී නොමැති බවයි දේශපාලන ආරංචි පැවසුවා.
1157 Views
Comments