“පොහොට්ටුවට මුල්තැන දී උකුස්සන් පාර්ලිමේන්තු එවීමෙන් වළකින්න” - චමල්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
11

“පොහොට්ටුවට මුල්තැන දී උකුස්සන් පාර්ලිමේන්තු එවීමෙන් වළකින්න” - චමල්

“පොහොට්ටුවට මුල්තැන දී උකුස්සන් පාර්ලිමේන්තු එවීමෙන් වළකින්න” - චමල්

මෙවර මහ මැතිවරණයේදී මනාප ලබා දීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයන්ට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙසට අමාත්‍ය චමල් රාජපක්ෂ ඉල්ලා සිටිනවා.

 


2015 ජනවාරි අට දිනයේ සිට බලයට පත්වූ එජාප පාලනයට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු කළ මහජන නියෝජිතයන්ට ප්‍රමුඛතාවය දෙන ලෙසද ඔහු ඉල්ලීමක් කරනවා.

 


එහිදී 2015 ජනවාරි අට දිනයෙන් පසුව පරාජයට පත් වූ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ බලවේගය අතහැර හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ එජාපය සමග එක්වූ පිරිස් ඔහු ඇමතූවේ ‘උකුස්සන්’ නමිනි.

 


තමන් නියෝජනය කරන හම්බන්තොට දිස්ත‍්‍රික්කය පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා එම දිස්ත්‍රීක්කයේ නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක, අජිත් රාජපක්ෂ, කපිල දිසානායක, ලයනල් සුබසිංහ, උපුල් ගලප්පත්ති සහ තමන් පොහොට්ටුවෙන් මැතිවරණයට ඉදිරිපත් වන බවත් උකුස්සාගෙන් තරග වදින්නේ මහින්ද අමරවීර බවත් පැවසූවා.

 


හම්බන්තොට දිස්ත්‍රික්කයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධුර පහක් ලබා ගත හැකි බවත් එම පහ තේරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මුල්කරගෙන සිතන ලෙසත් අමාත්‍යවරයා හම්බන්තොට දී පැවති ජන හමුවක් අමතමින් ජනතාවගෙන් ඉල්ලා සිටියා.

 

views

819 Views

Comments

arrow-up